ශ්රී ලංකාවේදී පැවැති ‘රෙඩ්බුල්’ කුසලාන විශ්ව විද්‍යාලය ලෝක ක‍්‍රිකට් ශූරතාවලියේ (2016) ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ බී.එම්.එස්. පිල (ව්‍යාපාර කළමනාකරණ පාසල) දිනා ගැනීමට සමත් විය. බංග්ලාදේශය යූ.එල්.බී.ඒ. පිලට අනු ශූරතාව හිමිවිය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මීට පෙර පැවැති තරගාවලි හතරටම සහභාගි වුවද ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ. බී.එම්.එස්. පිලේ නායකයා ලෙස ටෙස්ට් ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කටයුතු කළද ඔහු වෙළෙඳ සේවා තරගවලට සහභාගි වීම නිසා අවසන් මහ තරගයේදී හේෂාන් විමලධර්ම නායකයා ලෙස කටයුතු කළේය.
ජාතික කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා සහ දසුන් ශානක මෙම තරගයට ක‍්‍රීඩා කරමින් දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකා එක්දින ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරියට සහ හිටපු වයස 19 න් පහළ නායක භානුක රාජපක්‍ෂට ද වෙළෙඳ සේවා තරග හේතුවෙන් අවසන් මහ තරගයට සහභාගි වීමට නොහැකි විය.
කෙසේ වෙතත් මෙම කණ්ඩායමට ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ නියෝජනය කළ සහ පළමු පෙළ දස්කම් දක්වන ක‍්‍රීඩකයෝ රුසක් ඇතුළත්ව සිටියහ.
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී බී.එම්.එස්. ක‍්‍රීඩකයෝ ලකුණු 24 කින් බංග්ලාදේශය යූ.එල්.බී.ඒ. පිල පරාජය කිරීමට සමත් වූහ. එහිදී පිළිතුරැ ඉනිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ යූ.එල්.බී.ඒ. පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රුස්කළ හැකි වූයේ ලකුණු 167 ක් පමණි. පළමුව පන්දුවට පහර දුන් බී.එම්.එස්. පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ රනිත ලියනාරච්චි පන්දු 27 කදී ලකුණු 52ක් ලබාගත් අතර කඩුලු 9කට ලකුණු 191 ක් රුස් කිරීමට එය රැකුලක් විය.
ශ්‍රී ලංකා බී.එම්.එස්. පිල ඕවර 20 කදී කඩුලු 9 ට 191
(ධනංජය ද සිල්වා 32, දසුන් ශානක 20, රනිත ලියනාරච්චි 52, අරිෆූර් රහමන් 20/3, මොහොමඩ් ස්ලාම් 22/2)
බංග්ලාදේශ යූ.එල්.බී.ඒ. පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 167
(අවිෂේක් මිත‍්‍රා 28, මොහොමඩ් හසනුස්මාන් 39, මරාජ් නිලෝයි 20, කොෂාන් ජයවික‍්‍රම 27/4, චාමික කරැණාරත්න 17/2)